Scientific questions under category chemistry

Saturday, January 7, 2012

Q: නැනෝ තාක්ෂනය මුලින් සොයා ගත්තේ කවුද?

Friday, February 10, 2012

Q: Be ගැන වැඩි දුර තොරතුරු දැන ගැනීමට කැමතියි.

Answered by Team Vidu Nena Hawula

නම – බෙරිලියම්
සංකේතය -Be
පරමාණුක ක්‍රමාංකය – 4
සාපේක්ෂ පරමාණුක ස්කන්ධය : 9.012182 amu
ද්‍රවාංකය : 1278.00 C (1551.15 K , 2332.4 0F)
තාපාංකය : 2970.0 0C (3243.15 K , 5378.0 0F )
ප්‍රෝටෝන /ඉලෙක්ට්‍රෝන ගණන : 4
නියුට්‍රෝන ගණන : 5
වර්ගීකරණය : ක්ෂාරීය පාංශු ලෝහ
ත්‍රිමාණ ව්‍යුහය : කොන් 6ක් සහිත ව්‍යුහයක් ඇත
293 K දී ඝනත්වය : 1.8477g /cm3
පැහැය : අළු

Tuesday, March 20, 2012

Q: ගොටුකොළ සැදීමේදී දෙහි යුෂ එකතු කරන්නේ ඇයි?

Answered by Team Vidu Nena Hawula

ගොටුකොළ සැදීමේදී දෙහි යුෂ එකතු කරන්නේ මූලිකවම රසය වැඩි කිරීමේ අරමුණින් වුවද එමගින් ගොටුකොළ වල අඩංගු යකඩ අයන අවශෝෂණය පහසු කරවයි.

Saturday, May 12, 2012

Q: මයියොක්කා පිසින විට වසා තම්බන්නේ නැත්තේ ඇයි ?

Answered by Team Vidu Nena Hawula

මයියොක්කා තුල සයනයිඩ් අයන අඩංගු වේ. මෙම අයන වායුමය සංයෝග ලෙස (HCN ) ඉවත් වීමට භාජනය විවෘතව තැබිය යුතුය.

Friday, July 6, 2012

Q: කනාමැදිරියාගේ ආලෝකය ලැබෙන්නේ කෙසේද?

Answered by Team Vidu Nena Hawula

කනාමැදිරියාගේ ආලෝකය නිපදවෙන්නේ ඔවුන්ගේ උදරයේ අඩංගු ලුසිෆෙරින් නම් සංයෝගයක්, ඔක්සිජන් සමඟ සම්බන්ධ වන අවස්ථා වලදීය. මෙහිදී නිපදවෙන ආලෝකය විහිදුවීමට උදරයේ සෛල තුල යුරික් අම්ල ස්ඵටික අඩංගු ය.

Monday, July 30, 2012

Q: සංගීත සංදර්ශන වලදී ඉහල නගින දුම කුමක්ද?

Answered by Team Vidu Nena Hawula

සංගීත සංදර්ශන වල දුම සකස් කර ගැනීමට භාවිතා කරන විවිධ උපකරණ තිබේ. මේවයින් බොහෝ උපකරණ භාවිතා කරන්නේ ජලය සහ ග්ලයිකෝල් මිශ්‍රණයක් හෝ ග්ලිසරින් අඩංගු ද්‍රාවනයකි. උපකරණය තුලදී ද්‍රාවනය වාෂ්පීකරණය කර ඉන් ඇතිවන වාෂ්පය පිටතට නිකුත් කරයි.එය මෙලෙස දුමක් සේ දිස්වේ. මේ පිලිබඳ සවිස්තර වාර්තාවක් සඳහා පහත වෙබ් අඩවියට පිවිසෙන්න. http://vidunenahawula.blogspot.com/2013/02/blog-post_27.html

Wednesday, August 22, 2012

Q: මීමැස්සන්ගේ විෂ ආම්ලික නිසා දෂ්ඨ කිරීමක් මත ළූණු ආලේපය නුසුදුසුද?(ළූණු ද ආම්ලික බැවින් )

Answered by Team Vidu Nena Hawula

මීමැසි දෂ්ඨ කිරීමක් මත ළූණු ආලේප කිරීමෙන් එම ස්ථානය විෂබීජ වලින් ආරක්ෂා වීමක් සිදුවේ.

Thursday, December 20, 2012

Q: විරංජන කුඩු, ආප්ප සෝඩා, බේකින් පවුඩර්, වෙඩි ලුණු, ආකාර ලුණු යන ඒවායේ ප්‍රධාන සංයෝග මොනවාද?

Answered by Team Vidu Nena Hawula

විරංජන කුඩු – Ca(OCl)2 ආප්ප සෝඩා – NaHCO3 බේකින් පවුඩර් – NaHCO3 වෙඩි ලුණු – KNO3 ආකාර ලුණු – NaCl

Thursday, January 3, 2013

Q: හීලියම් වායුවේ ප්‍රයෝජන මොනවාද?

Answered by Team Vidu Nena Hawula

හීලියම්- සුපිරිසන්නායක ලෝහ සිසිලනකාරකයක් ලෙස, කාලගුණ වායු බැලුන් පිටවීමට, රොකට් ඉන්ධන සෑදීමේදී සිසිලනකාරකයක් ලෙස, ලේසර් කිරණ නිපදවීමට භාවිතා වේ.

Monday, April 22, 2013

Q: Be මුලද්‍රව්‍ය ලොහාලෝහද ?

Answered by විදු නැණ හවුල කණ්ඩායම

Be මුලද්‍රව්‍ය ලෝහ අලෝහ ගුණ දෙකම පෙන්වයි . ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු අවශ්‍යනම් අප වෙත දන්වන්න .